Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
තීරු බදු ගැන ඇමෙරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථකයි - ජනපති

තීරු බදු ගැන ඇමෙරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථකයි - ජනපති

තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඒ අනුව එහි ප්‍රතිඵල ශ්‍රී ලංකාව හා ‍අමෙරිකාව ඒකාබද්ධ ප්‍රකාශයකින් ඉදිරියේදී දැනුම්දෙනු ඇති බවයි අද රත්නපුර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. කුමන හෝ රාජ්‍යක් කවර ආකාරයකින් තීන්දු ලබාගත්තද ඒ හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්කර ගනිමින් රජය කටයුතු කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. අනාගත පරම්පරාවේ කිසිවෙක් නැවත ආර්ථික අර්බුදයකට ලක් නොවෙන ආර්ථිකයක් ජාතික ජනබලවේග රජය විසින් ගොඩනැගීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

 

ඒබ්‍රහම් ලින්කන්