Lanka You News
මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනයට කමිටුව පත්කෙරේ

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනයට කමිටුව පත්කෙරේ

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කර තිබෙනවා . කමිටුව 2025.04.25 දින නැවත රැස්වීමට නියමිත අතර මෙම පරීක්ෂණ කමිටුව ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතයි . 2022 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා

දේශීය පුවත්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

7 hours ago
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා   - යුරෝපා සංගමය

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා - යුරෝපා සංගමය

7 hours ago
බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

9 hours ago
සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

10 hours ago
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

10 hours ago
නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

10 hours ago
පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

12 hours ago
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

13 hours ago
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

1 day ago

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

 

ඒබ්‍රහම් ලින්කන්