Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
ඉදිරි දින දෙකේ සිරි දළදා වන්දනාවට නොඒන්නයි ඉල්ලීමක්

ඉදිරි දින දෙකේ සිරි දළදා වන්දනාවට නොඒන්නයි ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. පොලිස් මුලස්ථානය දැනුම්දෙන්නේ ඒ අනුව මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවය. එබැවින් හෙට (24) දින සහ අනිද්දා (25) යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් සැදැහැවතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙදින තුළ තවත් සැදැහැවතුන් පැමිණයහොත් ඔවුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බව පොලීසිය පවසයි.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon