Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
කොළඹ සංචාරක ව්‍යාපෘති හතරක් ගැන බස්නාහිර ආණ්ඩුකාර හා ලෝක බැංකු නියෝජිතයින් අතර එකඟතා

කොළඹ සංචාරක ව්‍යාපෘති හතරක් ගැන බස්නාහිර ආණ්ඩුකාර හා ලෝක බැංකු නියෝජිතයින් අතර එකඟතා

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සහ ලෝක බැංකු නියෝජිතයින් අතර හමුවක් අද බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මෙරට සංචාරක කර්මාන්තය නගාසිටුවීම පිළිබඳව අවධානය යොමු කරමින් පැවති මෙම හමුවේදී ප්‍රධාන සංචාරක ව්‍යාපෘති හතරක් සඳහා දෙපාර්ශවය අතර එකඟතා ඇතිවිය. ඒ අනුවකොළඹ යටත් විජිත උරුමය ප්‍රතිසංස්කරණය යටතේ ඓතිහාසික ගොඩනැගිලි සහ ට්‍රැම්වේ පද්ධති ප්‍රතිසංස්කරණය කර සංස්කෘතික සංචාරක මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට මෙහිදී සාකච්ඡා කෙරුණි. තවද බෙන්තර ගඟ ඔස්සේ යාගිරල වැසි වනාන්තරයට ගමනක් තේමාවෙන් ගඟ ආශ්‍රිත සංචාරක කටයුතු සහ වන සංරක්ෂණය සම්බන්ධ කරන කිලෝමීටර 40 ක පරිසර සංචාරක අත්දැකීමක් සදහාත් දෙපාර්ශවය ඒකග විය. මීට අමතරව මීගමුව කලපුව සහ මුතුරාජවෙල තෙත්බිම් සංවර්ධනය යටතේ පාරිසරික ආරක්ෂණ ක්‍රමවේද සහිත ස්වභාවික සංචාරක කොරිඩෝවක් නිර්මාණය කිරීමටත් කොළඹ නැව් සුන්බුන් නැරඹීම යටතේ සමුද්‍ර සංරක්ෂණයට සහාය වන අතරම ඉහළ වටිනාකමකින් යුත් කිමිදුම් සංචාරක කර්මාන්තය සඳහා නැව් සුන්බුන් ස්ථාන සංවර්ධනය කිරීමටත් අාණ්ඩුකාරවරයා සහ ලෝක බැංකු නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්විණ. බස්නාහිර පළාතේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම මෙම ව්‍යාපෘති මගින් අපේක්ෂා කෙරේ. මෙහි මීළඟ පියවර ලෙස දෙපාර්ශවය අතර හවුල් කාර්ය සාධක බලකායක් පිහිටුවීම, එකඟතා ඇතිකරගත් ව්‍යාපෘති පිළිබඳව ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම සහ රාජ්‍ය, පෞද්ගලික සහ හවුල්කාරිත්ව සංවර්ධන ක්‍රියාමාර්ගවලට එළඹීමට අපේක්ෂා කෙරේ. මේ සතියේ අග භාගයේදී කොළඹ නගරයේ සංස්කෘතික වශයෙන් වටිනා ස්ථාන නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ චාරිකාවක් ද දෙපාර්ශවයේ එකඟතාවයෙන් සැලසුම් කර ඇත. මෙම සාකච්ඡාව සඳහා නතාෂා කපිල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත පිරිසක් සහභාගී වූ අතර බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් ගරු ආණ්ඩුකාරතුමා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්, පළාත් පාලන ලේකම් සහ සංචාරක මණ්ඩලයේ නිලධාරීන් එක්ව සිටියහ.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon