Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
වැලිකඩ පොලිසිය භාරයට ගැනීමෙන් පසු මියගිය තරුණයාගේ සිරුර ගොඩගැනේ

වැලිකඩ පොලිසිය භාරයට ගැනීමෙන් පසු මියගිය තරුණයාගේ සිරුර ගොඩගැනේ

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය නිමේෂ් සත්සර නමැති තරුණයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා අධිකරණ නියෝගයකට අනුව අද පෙරවරුවේ ගොඩගනු ලැබීය. බදුල්ල - මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයාගේ මෘත දේහය වල දමා තිබුණේ ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි සුසාන භූමියේයි. වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 09 වනදා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon