Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් - ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් - ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පවසයි. ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී කැපී පෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර, කලින් පුරෝකථනය කළ සියයට 4.4 ක ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව සියයට 5ක වර්ධන වේගයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන්. මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් කාර්ය සාධනය හේතු වී තිබේ. එමෙන්ම දරිද්‍රතාවය අඩු කිරීමට වැඩි උත්සාහයක් දැරිය යුතු බවද එහි අන්තර්ගතයි.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon