Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
ඉන්දීය මහකොමසාරිස් හා හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්

ඉන්දීය මහකොමසාරිස් හා හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඊයේ පස්වරුවේ විජේරාම නිල නිවසේදී සිදුව තිබේ. එහිදී ඔවුන් සුහද පිළිසඳරක යෙදෙමින් දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වෙයි. සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් දෙරට අතර පවතින, අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරවයෙන් සිහිපත් කර ඇත.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon