Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
හෙල්මට්වලින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට 11ක් අත්අඩංගුවට

හෙල්මට්වලින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට 11ක් අත්අඩංගුවට

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රීයේ මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වෙලගෙදර ඇරෑපොළ කන්ද ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන ඇරෑපොළ කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්. පසුගිය 16 වන දින වෙලගෙදර හැවන්පොළ ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පිරිමි ළමයෙකුට තවත් පිරිමි ළමුන් කිහිපදෙනෙකු විසින් අතින් පයින් හා හෙල්මට් එකකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබුණි. බරපතළ තුවාල ලැබූ සිසුවා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 16 ක් වූ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාවතගම හා වෙලගෙදර පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon