Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
UPDATE: ඩෑන් ප්‍රියසාද් මියගොස් නොමැති බව පොලිසිය කියයි

UPDATE: ඩෑන් ප්‍රියසාද් මියගොස් නොමැති බව පොලිසිය කියයි

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පෙර සඳහන් කළද ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළා. අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා. කෙසේවෙතත් මෙම සිද්ධිය සිදුවූ විගස සිදුකල මාධ්‍ය ප්‍රකාශයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් ඩෑන් ප්‍රියසාද් නැමැත්තා මියගොස් ඇති බවයි.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon