Lanka You News
ජාත්‍යන්තර කම්කරු දිනයට ජනපතිගෙන් සුබ පැතුම්
මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් - ආරක්ෂාවට STF කැඳවයි

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් - ආරක්ෂාවට STF කැඳවයි

අද පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇත. මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ. එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව සදහන්. ඒ අනුව හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු මේ වනවිට එහි පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබෙන බව වාර්තා වේ.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon