Lanka You News
ඇල්ල ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්
පාස්කු ඉරිදා ප්‍රහාරය - ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් CIDයට

පාස්කු ඉරිදා ප්‍රහාරය - ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් CIDයට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිවරයාගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක් ඔස්සේ දියත් කෙරිණි. ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර හයක් ගත වන අවස්ථාවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ. එසේම, මෙම අපරාධය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela