මේ මස 06 වනදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සියලු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඒ අනුව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් මෙවර අවසන් රැළි පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවසන් ජන රැලි නොපවත්වන බව සදහන්.
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී එම පක්ෂයේ අවසන් රැළිය පැවැත්වේ.
පොදුජන පෙරමුණේ අවසන් රැළිය එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ, රාජගිරිය - ඔබේසේකරපුරදීයි.
“අධ්‍යාපනය හිස් කළයක් පිරවීම බඳු ක්‍රියාවක් නොවේ. පහනක් දල්වන්නාක් වැනි ක්‍රියාවකි.
Education is not the filling of a pail, but the lighting of a fire”
William Butler Yeats