විදෙස්ගතව සිටියදී ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" නැමැත්තා සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් රැඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.
දිවයිනට රැගෙන ආ ලොකු පැටී නැමැත්තා සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍යවරයා අද (04) ඒ බව සඳහන් කළේය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, පසුගිය මාස 04ක කාල සීමාව තුළ ලංකාවට රැගෙන ආ 11 වෙනි අපරාධකරු ලොකු පැටී බවය.
එමෙන්ම ලංකාව තුළ අපරාධ සිදුකර විදෙස් රටවල ගොස් මෙරට අපරාධ සිදුකරන අපරාධකරුවන් මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලිය දිගටම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔහු සඳහන් කර සිටියේ, ඩුබායි, ඉන්දියාව, කැනඩාව වැනි රටවල සිටින මෙවැනි අපරාධකරුවන් 20කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී ලංකාවට ගෙන ඒම සඳහා මේ වනවිටත් අදාළ කටයුතු සූදානම් කර ඇති බවය.
ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම
ආයුධය අධ්‍යාපනයයි.
Education is the
most powerful
weapon which you can
use to change the world.
Nelson Mandela