Lanka You News
ඇල්ල ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අගතියට පත් සියලු පාර්ශ්වයන්ට යුක්තිය හිමිකර දීමට සියලු දෙනා කැපවිය යුතුයි - විපක්ෂ නායක

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අගතියට පත් සියලු පාර්ශ්වයන්ට යුක්තිය හිමිකර දීමට සියලු දෙනා කැපවිය යුතුයි - විපක්ෂ නායක

වහසි බස්, සම්ප්‍රප්පලාප නොකියා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අගතියට පත් සියලු පාර්ශ්වයන්ට යුක්තිය හිමිකර දීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක ප්‍රේමදාස පවසයි. පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන් පණීවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි. ඒම පණිවුඩය වැඩිදුරටත් මෙසේය. "2019 අප්‍රේල් 21 වෙනි දාට යෙදී තිබූ පාස්කු දින දා මෙරට කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන සිදු වූ ඒ අමානුෂික මරාගෙන මැරෙන ප්‍රහාරය නිසා අදටත් අප රටේ කතෝලික බැතිමතුන් සිටින්නේ දැඩි කණස්සල්ලෙනි. එම ප්‍රහාරයෙන් පසු එය දඩමීමා කර ගෙන දේශපාලන බලය ලබාගත් ඇතැම් දේශපාලන පක්ෂ තුළින් මෙන්ම වත්මන් රජය යටතේ ද මෙම ප්‍රහාරයේ මහ මොළකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට නොහැකි වීම නිසා වසර 6ක් ගත වූවත් එම ප්‍රහාරයෙන් මියගිය, අත්පා අහිමි වූ, ඥාති සහෝදර හිතමිත්‍රදීන් අහිමි වූ ජනතාවට තවමත් යුක්තිය ඉටු වී නොමැති බව පෙනී යයි. මැතිවරණ සමයේ විවිධ පාර්ශ්ව මොවුන්ට අහිමි වූ යුක්තිය ලබාදෙන බවට දේශපාලන වේදිකාවල කෑමොර දුන්න ද බලය ලබාගත් පසු කිසිදු පාලකයෙක්ට මොවුන්ට හිමි යුක්තිය ලබා දීමට සමත් නොවූ බව අදටත් ප්‍රත්‍යක්ෂ කරුණකි. එබැවින් වහසි බස්, සම්ප්‍රප්පලාප නොකියා මෙම ප්‍රහාරයෙන් අගතියට පත් සියලු පාර්ශ්වයන්ට යුක්තිය හිමිකර දීමට සියලු දෙනා කටයුතු කළ යුතු ය. පටු දේශපාලන අරමුණු සහ ප්‍රතිගාමී ප්‍රවණතාවලින් ඔබ්බට ගොස් සියලු දෙනා එකට එක්ව රටක් ලෙස යහපත් ඉදිරි ගමනක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස ද අවසාන වශයෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටීමට කැමැත්තෙමි.''

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela