Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
පොලිස් ආරක්ෂාව මැද ගමන් කළ ගුරුවරිය ගැන විමර්ශන

පොලිස් ආරක්ෂාව මැද ගමන් කළ ගුරුවරිය ගැන විමර්ශන

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් මෙම සිද්ධියට සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela