Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
තීරුබද්දෙන් නිදහස් කරන්නැයි ට්‍රම්ප්ගෙන් ඉල්ලූ ජගත් සංවිධානයේ ලැයිස්තුවේ ලංකාවේ නම නෑ

තීරුබද්දෙන් නිදහස් කරන්නැයි ට්‍රම්ප්ගෙන් ඉල්ලූ ජගත් සංවිධානයේ ලැයිස්තුවේ ලංකාවේ නම නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකානු ජනපතිගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව, මෙලෙස අමෙරිකානු තීරුබදු ක්‍රමයෙන් නිදහස් කළ යුතු ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් 28 ක් එම සංවිධානය විසින් හඳුන්වා දී තිබුණි. එමෙන්ම එම රටවල් ආර්ථික වශයෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බව එම සංවිධානය සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මෙම රටවල් 28 ට ශ්‍රී ලංකාවේ නම ඇතුළත් නොවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඇමරිකාව ඉහළ තීරු බදු පනවා ඇති මෙම රටවල් 28 ප්‍රමාණය සහ මධ්‍යස්ථ අපනයන මට්ටම් සැලකිල්ලට ගත් විට, එම රටවලින් ඇමරිකානු ආර්ථිකයට කිසිදු තර්ජනයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතයයි.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela