Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
මනම්පිටිය ක්‍රිස්තු දේවස්ථානයට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට

මනම්පිටිය ක්‍රිස්තු දේවස්ථානයට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට

මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි 'ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය' නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ රාත්‍රී 7 ට පමණ වෙඩි තැබීම සිදුකර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේදී මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වෙඩිතැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීස් භාරයට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 38 ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක්ය. සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ. මෙම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela