Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
ජනපතිගේ ප්‍රකාශය ගැන මැතිවරණ කොමිසමේ දෙබිඩි පිළිවෙත

ජනපතිගේ ප්‍රකාශය ගැන මැතිවරණ කොමිසමේ දෙබිඩි පිළිවෙත

මැතිවරණ නීති උල්ලංඝණයක් කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකළ බවට කොමිසමේ මූලාශ්‍රයක් සහතිකකර මව්බිම පුවත්පත විසින්එ ඊයේ ප්‍රධාන පුවත ලෙස පුවතක් වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් පසුව කොමිසමේ සභාපතිවරයා විසින් ම එම තොරතුර ප්‍රතික්ෂේප කර තිබූ අතර ඒ පිළිබද ‘මව්බිම’ සිය බලවත් විමතිය පළ කර සිටියි. ‘නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි – මැතිවරණ නීති කඩන කතා එපා : මැ.කො ජනපතිට ලියයි’ යන සිරස්තලය යටතේ අදාළ පුවත පළකර තිබිණි. ඒම පුවත මැතිවරණ කොමිසමේ මූලාශ්‍ර මගින් ලබා ගත් පුවතක් බව පවසන ‘මව්බිම’ මෙසේ කොමිසම පැය විසි හතරක් ඇතුළත ස්ථාවර දෙකක් ගැනීම පිළිබද සිය අප්‍රසාදය පළ කරමින් ඊයේ දිනයේදීම මැතිවරණ කොමිසමට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි යොමුකර ඇති බව වාර්තා වේ.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela