Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
ජනපති කළ ප්‍රකාශයක් ගැන සාකච්ඡා කරන්න මැතිවරණ කොමිසම රැස්වෙයි

ජනපති කළ ප්‍රකාශයක් ගැන සාකච්ඡා කරන්න මැතිවරණ කොමිසම රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන 21 වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මන්නාරම ප්‍රදේශයේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීම සඳහාය. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක මන්නාරම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජාතික ජන බලවේගේ පළාත් පාලන ආයතන වෙත විශේෂයක් සේ සළකා මුදල් වෙන් කිරීමක් සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවය.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela