Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

මාධ්‍යවේදියකු, ප්‍රවෘත්ති කර්තෘවරයකු, නියෝජ්‍ය කර්තෘවරයෙකු වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්න අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 75 වැනි වියේ පසුවිය. ප්‍රේමලාල් විජේරත්න මාධ්‍යවේදී වෘත්තියට අත්පොත් තැබුවේ ‘දවස’ පුවත්පතෙන් සිය මාධ්‍ය කටයුතු ආරම්භ කරමිනි. පසුව ඉරිදා පෙරමුණ, මව්බිම, ජනයුගය මෙන්ම සන්ඩේ ලීඩර් පුවත්පත්වල ද සේවය කළ ප්‍රේමලාල් පොලිස්, සෞඛ්‍ය මෙන්ම දේශපාලන ක්ෂේත්‍ර ආවරණය කළ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේ ය. සිරස මාධ්‍ය ජාලයේ ගුවන් විදුලි අංශයේද දශකයකට අධික කාලයක් සේවය කළ ඔහු මියයන විට ‘මව්රට’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අංක -240, වෙන්නවත්තපාර, වැල්ලම්පිටිය නිවසේ තැන්පත් කර තැබේ. දේහය පිළිබද අවසන් කටයුතු සෙනසුරාදා පස්වරු 04ට කොටිකාවත්ත පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතයි.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela