Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
සිරි දළදා වන්දනාව ඇරඹේ

සිරි දළදා වන්දනාව ඇරඹේ

මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද උදාවුණා. ඒ, සිරි දළදා වන්දනාව අද දහවල් අාරම්භ වීමත් සමගයි. අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා, ජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගත හැකිය. ඒ අනුව මේ වන විටත් දහස් සංඛ්‍යාත ජනතාවක් සිරි දළදා වන්දනාවට මහනුවරට පැමිණ සිටීන බවයි වාර්තා වන්නේ. “සිරි දළදා වන්දනාව“ සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවයක් ද ක්‍රියාත්මකයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, අද සිට මහනුවර දක්වා දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක වන බවය. මහනුවර බලායාමට බොහෝ පිරිසක් ඊයේ රාත්‍රියේ සිටම කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටී. මේ අතර සිරි දළදා වන්දනාව වෙත පැමිණෙන විදෙස් තානාපතිවරුන් වෙනුවෙන් දිනපතා පෙරවරුවේ මහනුවර බලා යන ශීඝ්‍රගාමි දුම්රියට විශේෂ මැදිරියක් තිබේ. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමක් මතයි. රාජ්‍ය තාන්ත්‍රිකයින් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව සඳහා දුම්රියෙන් අද පැමිණ තිබුණි. මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට මහනුවර දක්වා විශේෂ බස් රථ ද යොදවා තිබේ. මෙම සේවාව ලබන 29 වනදා දක්වා ක්‍රියාත්මකය. සැදැහැවතුන්ට සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් සකස් කර තිබේ. ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම දක්වා, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා වශයෙනි. මෙම පෝලිම්වල යාවත්කාලීන තොරතුරු හා රථවාහන ගාල්වල යාවත්කාලීන තොරතුරු www.police.lk වෙබ් අඩවිය හරහා සැදැහැවතුන්ට දැනගැනීමට අවස්ථාව සලසාදී තිබේ. මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත්, විශාල ප්‍රමාණයේ ගමන්මලු , කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්‍යුත් උපකරණ ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසත් පොලීසිය ඉල්ලා සිටී.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela