Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය ‘ඇදහිල්ලේ වීරයන්’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට වතිකානුව සූදානම්

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය ‘ඇදහිල්ලේ වීරයන්’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට වතිකානුව සූදානම්

2019 වසරේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් ඒළඹෙන අප්‍රේල් 21 වැනි සඳුදා ‘ඇදහිල්ලේ වීරයන්’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට වතිකානුව සූදානම් වේ. කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් එදින කටුවපිටියේදී වතිකානුවෙන් නිකුත් කරන නිවේදනය කියවන බව කතෝලික පල්ලියේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි. ‘ඇදහිල්ලේ වීරයන්’ යනු කතෝලික සභාව විසින් තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් තම ජීවිත පූජාකරන අය හැඳින්වීමට භාවිත කරන යෙදුමකි. ඔවුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවිත පූජාකළ පිරිමින් සහ කාන්තාවන් ලෙස හඳුන්වනු ලැබේ.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela