
අදින් ඇරඹෙන සිරි දළදා වන්දනාව
සිරි දළදා වන්දනාව අදින් ආරම්භ වනවා.
අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.
අනතුරුව හෙට දින සිට ලබන 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේද සහභාගීත්වයෙන් සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අවසන් වරට 2009 වසරේදී සිරි දළදා වන්දනාව පැවැත්වුණි.
ඒ අනුව, වසර 16 කට පසු ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් බැතිමතුන්ට උදාවී තිබේ.
මෙවර සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනකි.
ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිම
රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම
රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම වශයෙනි.