Lanka You News
ජනපතිට එරෙහි අසත්‍ය ප‍්‍රකාශය සම්බන්ධයෙන් CID යට පැමිණිල්ලක්
සිරි දළදා වන්දනාව පිළිබඳ යාවත්කාලීන වෙන තොරතුරු දැනගැනීමට වෙබ් අඩවියක්

සිරි දළදා වන්දනාව පිළිබඳ යාවත්කාලීන වෙන තොරතුරු දැනගැනීමට වෙබ් අඩවියක්

මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් පොලීසිය විසින් රථ වාහන කළමනාකරණය සහ උපදෙස් පද්ධතියක් හඳුන්වාදී තිබේ. හෙට දින සිට ආරම්භ වන “සිරි දළදා වන්දනාව” නිමිත්තෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 10,000 කට අධික පිරිසක් රාජකාරියේ යොදවා සිටී. ඒ අනුව “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම මෙන්ම පොලීසිය සහ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නව පද්ධතියක් හඳුන්වාදී තිබේ. මෙම පද්ධතිය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙඩි අඩවිය හරහා “සිරි දළඳා වන්දනාව " නමින් සඳහන් වන daladadekma.police.lk වෙත පිවිසීමෙන් පසු දළදා වන්දනාව සම්බන්ධයෙන් තොරතුරු හා උපදෙස් බැතිමතුන් වෙත ලබා ගැනීමට හැකියාව ඇත.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―