පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7 ට ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා මධ්‍යස්ථාන 13,759 කදී පස්වරු 04 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
පළාත් පාලන ආයතන 339 ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබේ.
ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලූ කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ එල් රත්නායක මහතා පැවසුවේය.
මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයින් සඳහා අද සහ හෙට යන දෙදින තුළ ද තමන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි බව බව ඔහු පැවසුවේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,000කට අධික ප‍්‍රමාණයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා 3,000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ අතර ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින දිවයිනේ සියලූම පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මැයි මස 7 වෙනිදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මීට අමතරව දිවයිනේ සියලූම විශ්වවිද්‍යාලවල සිසුන්ට අද සිට මැයි මස 7 වන දින දක්වා නිවාඩු ලබා දීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කෙසේවෙතත් විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එම නිවාඩුව අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.
“Be the change
that you wish
to see
in the world.”
―