ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප‍්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලූව යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් ඊයේ (04) රාත‍්‍රියේදී මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර ඒ සඳහා ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම යොදා ගනිමින් සිදුකරන ලද ඉහත ප‍්‍රකාශය හරහා ඔහුගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් තුසිත හල්ඔලූව යන අයට එරෙහිව සහ එකී ප‍්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක‍්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.
“Be the change
that you wish
to see
in the world.”
―