Lanka You News
ජනපතිට එරෙහි අසත්‍ය ප‍්‍රකාශය සම්බන්ධයෙන් CID යට පැමිණිල්ලක්
පාස්කු උත්සවයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු උත්සවයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු උත්සවය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන බැවින් එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත. බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත්, ප්‍රධාන දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස්දී ලබාදී ඇත. මේ අතර පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ද උපදෙස් ලබාදී තිබේ. එහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―