Lanka You News
වසරේ ගෙවුණු මාස තුනට අල්ලස් නඩු 1,250 ඉක්මවයි
"සිරි දළදා වන්දනාව" ට VIP හෝ VVIP පෝලිම් නෑ

"සිරි දළදා වන්දනාව" ට VIP හෝ VVIP පෝලිම් නෑ

"සිරි දළදා වන්දනාව" බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම පිළිබද පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒහිදී මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සදහන් කළේ "සිරි දළදා වන්දනාව" සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බවයි. එසේ වුවත් ස්වාමින් වහන්සේ සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ඔවුන්ව ද විශේෂ ආරක්ෂාවකට ලක්කරන බව පැවසීය. මේ අතර, විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. දළදා වන්දනාවේ දී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ, බැතිමතුන්ට වන බවත් උදෑසන කිරි ආහාර පුජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. එසේ වුවත් ඔවුන් සියලුදෙනා දළදා මාළිගයෙන් උදෑසන 10.30 වනවිට පිටවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් ඇතුළු කරන අතර, පෝලිම් දෙකක් ලෙස පිටකිරීම සිදුකරන බව ද පැවසු ඒ මහතා පිරිකර රැගෙන ඒමෙන් බැතිමතුන් අපහසුතාවයට පත්විය හැකි බව ද සඳහන් කළේය.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―