Lanka You News
16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම් 
ජනපති  මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි

ජනපති මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය. 

 

සෙබළුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය. 

 

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය. අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර - සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. සෙබළුන්  වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. 

 

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. 

දේශීය පුවත්

16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම් 

16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම් 

6 hours ago
යුද්ධය යනු ඛේදවාචකයක් යළිත් එවන් ඛේදවාචකයක්  රට තුළ ඇතිවීමට ඉඩ නොදෙමු - ජනපති

යුද්ධය යනු ඛේදවාචකයක් යළිත් එවන් ඛේදවාචකයක් රට තුළ ඇතිවීමට ඉඩ නොදෙමු - ජනපති

6 hours ago
ජනපති  මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි

ජනපති මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි

7 hours ago
ආනයනය කළ පළමු ලුණු තොගය බදාදා දිවයිනට - වෙළඳ ඇමති

ආනයනය කළ පළමු ලුණු තොගය බදාදා දිවයිනට - වෙළඳ ඇමති

10 hours ago
වාහන වෙන්දේසියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වාහන වෙන්දේසියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

12 hours ago
ඡන්දේ දාන්න Private jet එකෙන් ආපු ජනාධිපති, රණවිරුවන්ට වටිනාකමක් නොදේවි කියලා මම හිතන්නේ නෑ – නාමල්

ඡන්දේ දාන්න Private jet එකෙන් ආපු ජනාධිපති, රණවිරුවන්ට වටිනාකමක් නොදේවි කියලා මම හිතන්නේ නෑ – නාමල්

13 hours ago
කොටහේන පාසල් දැරියගේ සිද්ධියට සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

කොටහේන පාසල් දැරියගේ සිද්ධියට සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

14 hours ago
 චාමර සම්පත්ට ඇප

චාමර සම්පත්ට ඇප

14 hours ago
බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප - සජබ එකඟතාවක්

බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප - සජබ එකඟතාවක්

15 hours ago

දවසේ නුවණැස

ගැටුම දුෂ්කර වන තරමට 
ජයග්‍රහණය
වඩාත් තේජාන්විත වේ.


The harder
the conflict,
the more glorious
the triumph.

Thomas Paine