පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඌව පලාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදි 2016 වර්ෂයේ දි පෙර පාසල් ළමුන් සදහා පාසල් පොත් බෑග් ලබාදීම සදහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපල පණත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් වු ඇප අයදුම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරයේදි මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් සලකා බැලීමෙන් අණතුරුව රුපියල් ලක්ෂ දහය බැගින් වු ඇප දෙකක් මත මන්ත්‍රිවරයා මුදවා හැරිමට නියෝග කරනු ලැබීීය
ගැටුම දුෂ්කර වන තරමට
ජයග්‍රහණය
වඩාත් තේජාන්විත වේ.
The harder
the conflict,
the more glorious
the triumph.
Thomas Paine