දිවයින පුරා මේ වන විට ආරම්භ කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ දිවයින පුරා ජංගම මුර සංචාර 3216 ක් ක්‍රියාත්මක බවයි.
එමෙන්ම ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000 ක් ද යොදවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බවයි.
ඡන්ද මධ්‍යස්ථාන රාජකාරී සඳහාත්, මාර්ග බාධක රාජකාරී, ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ජංගම සංචාර සඳහා නිලධාරීන් යොදවා තිබෙන බවත් කැරළි මර්දන කණ්ඩායම් ද යොදවා තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එමෙන්ම විශේෂ කාර්ය බළකාය ද යොදවා තිබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මැතිවරණ දිනයේදී හා පශ්චාත් මැතිවරණ කාලය තුළ යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුවේ නම් ඒ සඳහා මුහුණ දීමට කැරලි මර්දන කණ්ඩායම් ද සූදානම් කර තිබෙන බවද ඔහු සදහන් කළේය.
ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.
“Be the change
that you wish
to see
in the world.”
―