Lanka You News
ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර  අවබෝධතා ගිවිසුම් 4 ක්

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 4 ක්

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එක් ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහත්වරු ඉදිරියේ සිදු  විය.


 
වියට්නාම ජනාධිති මන්දිරයේ දෙරට අතර අද (05) පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම අවබෝධතා ගිවිසුම හා ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

 

මෙහිදී වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත. 

 

වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, වියට්නාමයේ කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර කෘෂිකර්ම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුම හා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා යන  ගිවිසුම්වලට මෙහිදී අත්සන් තැබිණි.

 

 

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―