Lanka You News
ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 

 

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් නිහඬ කාලය තුළ කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරිමට නොහැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ. 

 

මෙම මැතිවරණ නිහඬ කාලය තුළ ඡන්ද දායකයාට තම කොට්ඨාසයට පත් කර ගන්නා මහජන නියෝජිතයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිදහස් පරිසරයක් නිර්මාණය කරදෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලුම අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටි. 

දවසේ නුවණැස

“අධ්‍යාපනය හිස් කළයක් පිරවීම බඳු ක්‍රියාවක් නොවේ. පහනක් දල්වන්නාක් වැනි ක්‍රියාවකි.

 

Education is not the filling of a pail, but the lighting of a fire”

 

William Butler Yeats