Lanka You News
ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට
මෝටර් රථ කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි

මෝටර් රථ කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් වෙත භාරදී ඇතැයි වාර්තා වනවා. ප්‍රවාහන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පත් කිරීමට යෝජනා වී ඇති බවයි. එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සදහන්. ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සිය තනතුරුවලින් ඉල්ලා අස්වුහ. නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.

දවසේ නුවණැස

“අධ්‍යාපනය හිස් කළයක් පිරවීම බඳු ක්‍රියාවක් නොවේ. පහනක් දල්වන්නාක් වැනි ක්‍රියාවකි.

 

Education is not the filling of a pail, but the lighting of a fire”

 

William Butler Yeats