
රජයක් ලෙස, පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටු වන බව අපි නැවත තහවුරු කරමු - අගමැති
පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීමට සහ බාධාවකින් හෝ ප්‍රමාදයකින් තොරව සියලු සත්‍යයන් අනාවරණය කර ගැනීමට අඛණ්ඩව දරන උත්සාහයන් රජයේ ප්‍රමුඛතාවයක් ලෙස පවතින බව අග්‍රාමාත්‍ය, අචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අදට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.
ඒහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
'2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා සිදු වූ බිහිසුණු සිදුවීමේ අඳුරු මතක අප සිතින් බැහැරව ගොස් නැත. අද, වසර හයකට පසුවත්, තවමත් එහි වේදනාව ඉතිරිව ඇති අතර වින්දිතයින් වෙනුවෙන් වූ අපගේ වගකීම ද එලෙසම පවතී. ඔවුන්ගේ පවුල් සමඟ, මෙන්ම සමස්ථ ප්‍රජාව සමඟද සත්‍යය සහ යුක්තිය සොයන සියලුම පුරවැසියන් එක්ව සිටගනු ඇත.
රජයක් ලෙස, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු වන බව අපි නැවත තහවුරු කරමු. එම ප්‍රහාරය විමර්ශනය කිරීමට සහ බාධාවකින් හෝ ප්‍රමාදයකින් තොරව සියලු සත්‍යයන් අනාවරණය කර ගැනීමට අඛණ්ඩව දරන උත්සාහයන් අපගේ ප්‍රමුඛතාවයක් ලෙස පවතී. මහජන විශ්වාසය නැවත ඇති කිරීම සඳහා වගවීම, විනිවිදභාවය සහ අව්‍යාජ යුක්තිය පසිඳලීම අත්‍යවශ්‍ය වේ.
සෑම ජීවිතයකම ගෞරවය ආරක්ෂා කරමින් සහ සැමට සමානාත්මතාවය සහ යුක්තිය ලැබිය යුතු අනාගතයක් වෙනුවෙන් කටයුතු කරමින්, ශක්තියෙන් හා එකමුතුකමින් ඉදිරියට යමු.'