Lanka You News
වසර 7 කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම හෙට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම හෙට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් හෙට උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීමට නියමිතයි. ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් විසින් නිකුත් කළ පණිවිඩයක දැක්වෙන්නේ අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන සැමරුම සිදු කරන බවයි. සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන්ගේ සහභාගීත්වයෙන් එම සැමරුම් සිදු කිරීමට නියමිතයි. එයින් පසු උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවය රැකීම සිදු කෙරෙනු ඇති. කටුවාපිටිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී උදෑසන 8.15 ට අති උතුම් මැක්ස්වෙල් සිල්වා, සහ ජේ. ඩී. ඇන්තනි හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතයි. පස්වරු 5.30 ට වතිකානයේ ශුද්ධාශනය විසින් ප්‍රහාරවලින් මියගිය අයව ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පිළිගැනීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත්කිරීම සහ දේව මෙහෙය පැවැත්වීමට නියමිතයි.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela