Lanka You News
වසර 7 කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කිතුණුවන්ගේ පාස්කු ඉරිදාව අදයි

කිතුණුවන්ගේ පාස්කු ඉරිදාව අදයි

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්තානය වීම සිහි කෙරෙන පාස්කු ඉරිදා දිනය අදයි. ඒ අනුව කිතුනුවන්ගේ ශුද්ධ වූ සතියේ අවසන් දිනය ද අදට යෙදී තිබේ. කිතුණුවන් බැතියෙන් සිහිපත් කරන ආලේලූයියා සෙනසුරාදාව ඊයේ දිනට යෙදී තිබූ අතර ඒහිදී ජේසුස් වහන්සේගේ දේහය සොහොන් ගෙයි තැන්පත් කර තිබූ අවස්ථාව සිහිපත් කෙරේ. ශෝකයේ සහ අපේක්ෂාවේ දිනයක් ලෙසයි කතෝලිකයින් ඒදින හදුන්වන්නේ. ඊයේ පස්වරුවේ සිට අද අලු‍යම දක්වාම කිතුනුවන් දේව මෙහෙයන් සිදුකරමින් අන්ධකාරය දුරු කරමින් පාස්කු පහන් දල්වා ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ ආලෝකය සංකේතවත් කරයි. ඒ අනුව ලෝවාසී කිතුනුවන් පාස්කු ඉරිදාව සමරන්නේ බැතියෙන් මෙන්ම මහත් උත්සවශ්‍රීයෙනි. පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ කොළඹ කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්විණ. ඊට සමගාමීව දිවයින පුරා දේවස්ථානවල ඊයේ රාත්‍රීයේ මෙන්ම අද දිනයේදීත් විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙනු ඇති. උත්සවශ්‍රීයෙන් සමරන කිතුණූවන්ගේ පාස්කු ඉරිදාව අදුරු මතකයන් සමග කදුළින් තෙත් වූයේ 2019 වසරේ පාස්කු ඉරිදා මෙරට ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගෙන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙනි. ඒ අනුව අද දින මෙන්ම ත්‍රස්ත ප්‍රහාරය සිහිපත් කෙරෙන හෙට දිනයේදී ද දේව මෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela