Lanka You News
වසර 7 කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් අත්අඩංගුවට

ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට නීති විරෝධීව කුෂ් නැමැති මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් රේගු මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සිය ගමන්මළු ඇතුළත කෘතිමව සැකසු ලී රඳවනයක් තුළ ඉතා සූක්ෂමව සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 290 ක් රේගු නිලධාරින් විසින් සිය භාරයට ගෙන ඇත. රේගු නිලධාරින් පැවසුවේ සොයාගත් කුෂ් මත්ද්‍රව්‍යයේ වටිනාකම රුපියල් මිලියන 33 ක් වන බවය. සැකකාරිය කොලඹ 10 ප්‍රදේශයේ තරුණියක් වන අතර ඇය රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි නවතා පරීක්ෂා කිරීමේදි මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව තිබේ. සැකකාරිය හා මත්ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකාරිය හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද අලුයම භාර දී තිබේ.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela