
ප‍්‍රදේශිය සභා විපක්ෂෙට දුන්නොත් ව්‍යාපෘතිවලට සල්ලි නැතුව ඒවා කොන් වෙයි - ජනපති
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡුන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට බලය ලැබෙන ප‍්‍රාදේශීය සභාවලට පමණක් ඇස් පියාගෙන මුදල් වෙන්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ කන්තලේ නගරයේ පැවති ජන රැළියක් අමතමින් ප‍්‍රකාශ කළේය.
ආණ්ඩුවට බලය නොලැබෙන ප‍්‍රාදේශීය සභාවලට මුදල් ලබාගැනීම අසීරු විය හැකි බවත් ඒවා කොන්වනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නොවැම්බර් මාසයේ යළි ආණ්ඩුව විසින් අයවැයක් ගෙන එන අතර ජුනි මාසය වන විට ඒ සඳහා යෝජනා භාරගැනීමට නියමිතයි. එහිදී ප‍්‍රාදේශීය සභා මගින් මුදල් ඉල්ලා සිටින ව්‍යාපෘති සඳහා මුදල් අමාත්‍යංශයෙන් මුදල් අනුමත කිරීමේදී එම ප‍්‍රාදේශිය සභාවේ බලය හිමි කුමන පක්ෂයට ද යන්න සලකා බලන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ඒ අනුව එහි බලය හිමිව ඇත්තේ ජාතික ජන බලවේගයට නම් ඇස් පියාගෙන යෝජනාව අනුමත කර මුදල් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. නමුත් අදාළ ප‍්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ වෙනත් පක්ෂයකට නම් එම යෝජනාව අනුමත කිරීම හා මුදල් ලබාදීම පිළිබඳ දස වතාවක් සිතා බලන බව ද අනුර දිසානායක ජනාධිපතිවරයා පැවසීය.
මීට පෙර බලය දැරූ එම කණ්ඩායම් සංවර්ධන ව්‍යාපෘතිවලට අඩු මුදලක් යොදවා වැඩි කොටසක් තම සාක්කුවට දමාගත් බවයි ජනාධිපතිවරයා සිහිපත් කළේ. එවැනි කණ්ඩායම්වලට මුදල් ලබානොදෙන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එසේ නම් සෑම ප‍්‍රාදේශිය සභාවකම බලය ජාතික ජන බලවේගයට ලබාදිය යුතු බවත් එසේ නොවේ නම් එම ප‍්‍රාදේශිය සභා කොන්වන බවත් ඔවුන් ආණ්ඩුවේ වැඩකටයුතුවලදී කකුලෙන් අදින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේය.
මේ කතාව ලංකාවේ ඡන්ද දායකයින්ට අලූත් කතාවක් නොවුණ ද එවැනි කතාවක් ජාතික ජන බලවේගයේ නායකයාගෙන් හෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඇසීමට ඔවුන් අපේක්ෂා නොකළ බව නම් කිව හැකිය.
මීට පෙර ආණ්ඩු කළ අය ද මෙවැනි කතා දේශපාලන වේදිකාවේ ප‍්‍රකාශ කළා සේම ඒවා ක‍්‍රියාවෙන් ද ඔප්පු කළහ. නමුත් ඉන් සිදුවූයේ රටේ සංවර්ධනය වෙනුවෙන් බදු මුදල් ගෙවන ජනතාව සුපුරුදු ප‍්‍රශ්නවලින් තවදුරටත් තැලී පොඩිවීම පමණි.
එබැවින් බලය නොලැබෙන ප‍්‍රාදේශීය සභා කොන් කිරීම වෙනුවට කුමන පක්ෂයකට කුමන කණ්ඩායමකට බලය හිමිවුව ද සංවර්ධන ව්‍යාපෘති ඇතුළු මහජන සුබසිද්ධිය වෙනුවෙන් සිදුකෙරෙන කටයුතු වංචාවෙන් දුෂණයෙන් නාස්තියෙන් තොරව සිදුවන වැඩපිළීවෙලක් යාන්ත‍්‍රණයක් සකස් කළ හැකි නම් එය ජාතික ජන බලවේගයේත් රටේත් ජනතාවගේත් ජයග‍්‍රහණයක් වනු ඇත.
හැත්තෑ හත් වසරක් තිස්සේ රට පාලනය කළ පක්ෂවලින් මිදී ජනතාව ජාතික ජන බලවේගය බලයට ගෙන ආවේ ද ඒ අපේක්ෂාවෙන් බව ආණ්ඩුවට නැවත මතක් කළ යුතු නොවේ.