Lanka You News
ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්
සැබෑ පුනරුදයකට අලුත් අවුරුද්ද පාලමක් කරගනිමු - බස්නාහිර පළාත්  ආණ්ඩුකාර

සැබෑ පුනරුදයකට අලුත් අවුරුද්ද පාලමක් කරගනිමු - බස්නාහිර පළාත් ආණ්ඩුකාර

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුම ශ්‍රී ලාංකේය පුරවැසියන්ට භාග්‍යසම්පන්න එකක් වේවායි බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සුබපැතුම් ඒක්කර තිබෙනවා. ඔහු සිය සුබපැතුම් පණිවුඩෙයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සමගිය, මිත්‍රත්වය, සහයෝගය, අන්‍යෝන්‍ය සුහදතාවය,මානව සිත් සතන් තුළ වර්ධනය වන සහ පිළිබිඹු වන කාලයක් ලෙස අලුත් අවුරුද්ද සැලකිය හැකිය . මානව ශිෂ්ටාචාරය පරිණාමය වූයේ සංස්කෘතික මිනිසා ද පරිපූර්ණත්වයට පත් කරමින් වන අතර,ඔවුන්ගේ ජාතිකත්වයට අනන්‍ය වු සංස්කෘතික උළෙල තුළින් ඔවුන් වඩාත් සාධනීය මාවතකට රැගෙන යනු ලබයි. අප ඉදිරියට එන සියලු අභියෝග අපට ජයග්‍රහණය කළ හැක්කේත්, අප ප්‍රාර්ථනා කළ සැබෑ පුණරුදයක් නිර්මාණය කළ හැක්කේත් අධිෂ්ඨානශීලීත්වය, අන්‍යෝන්‍ය සුහදතාවය තුළින් බව අප විශ්වාස කරමු.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―