Lanka You News
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

උදා වන අලුත් අවුරුද්ද මෙවරත් නැකැත් චාරිත්‍රවලට මුල් තැන දී පිළිගන්නට රටම දැන් සූදානම් වෙමින් සිටී. නැකත් සීට්ටුව අනුව පුණ්‍ය කාලය අද අපරභාග 8:57 ට ඇරඹෙන අතර, එය හෙට පූර්වභාග 9:45 ටයි අවසන් වේ. නව අවුරුදු උදාව හෙට පූර්ව භාග 3:21 ට යෙදෙන සුභ නැකතින් සිදුවීමට නියමිතයි. ආහාර පිසීමේ නැකත යෙදෙන්නේ, හෙට පූර්ව භාග 4:04 ටයි. තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දීකිරි සහ විළඳ ද පිළියෙල කර ගන්නා ලෙස නැකත් සීට්ටූවේ දැක්වේ. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත යෙදිී ඇත්තේ, හෙට පූර්ව භාග 6:44 ටයි. ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ. අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත ලබන 16 වනදා පූර්ව භාග 9:04 ට යෙදෙන අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොන්පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව සදහන්. රැකී රක්ෂා සදහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ මේ මස 17 වනදා පූර්ව භාග 9:03 ටයි. රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම සුදුසු බව නැකැත් චාරිත්‍රවල දැක්වේ. මේ අතර, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ නැකත හෙට යෙදී ඇති අතර, දිඹුල් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයේ යෙදී වාසය කිරීම යහපත් බවයි නැකත් චාරිත්‍රවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―