Lanka You News
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු
බුදුන් වහන්සේ නාගදීපයට වැඩි බක් පුන් පොහොය අද

බුදුන් වහන්සේ නාගදීපයට වැඩි බක් පුන් පොහොය අද

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත. චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළේ අදවන් පොහොය දිනයකයි. එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ දැක්වේ. බක් පුන් පොහොය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධානය කර තිබේ.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―