Lanka You News
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු
ඉන්දියාවේ ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ලංකාවට ගෙන්වන්න මෝදි සමඟ අත්සන් තැබූ ගිවිසුම් දෙකක් ගැන අනාවරණයක්

ඉන්දියාවේ ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ලංකාවට ගෙන්වන්න මෝදි සමඟ අත්සන් තැබූ ගිවිසුම් දෙකක් ගැන අනාවරණයක්

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තැබූ මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ඍජුව සම්බන්ධ ගිවිසුම් දෙකක් තුළින් මෙරට ජනතාවගේ ආරක්ෂිත ඖෂධ භාවිතය සඳහා ඇති අයිතිය අනතුරේ හෙළා ඇති බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසයි. පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවකදී අවධානයට යොමු වූ Pharmacopoeia නම් කරුණ පිළිබඳ වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පළමුව කරුණු පැහැදිලි කළේය. ඔහු පැවසුවේ මෙම Pharmacopoeia යනු ඔෂධ නියානමනය, ප‍්‍රමිතිය, භාවිතය සහ අතුරු ආබාධ ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් ග‍්‍රන්ථමය ප‍්‍රකාශනයක් බවයි. මේ අනුව බි‍්‍රතාන්‍යයේ British Pharmacopoeia, එක්සත් ජනපදයේ US Pharmacopoeia සහ යුරෝපයේ European Pharmacopoeia ලොව පිළිගත් ඖෂධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතින් ලෙස සැලකෙන බවයි. නමුත් IPහෙවත් Indian Pharmacopoeia යනු අපනයනය කළ හැකි ප‍්‍රමිතියක් නොමැති ඉන්දියාව තුළ පමණක් භාවිතය සඳහා අවසර දී ඇති ප‍්‍රමිතියකි. ඒ අනුව අපනයනය සඳහා ඉන්දියාව ද ඖෂධ නිෂ්පාදනය කරනු ලබන්නේ IP ප‍්‍රමිතියට වඩා ඉහළ USP සහ BP ප‍්‍රමිතියෙන් බවයි වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පෙන්වා දෙන්නේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන ඖෂධවලින් සියයට 80 ක් එම ජාත්‍යන්තර ප‍්‍රමිතියට ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඖෂධ බවයි වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා සඳහන් කළේ. නමුත් මේ වන විට ඉන්දියාව ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් ඖෂධ අපනයනය වෙනුවට ඉන්දියාව තුළ භාවිත කෙරෙන IP ප‍්‍රමිතියේ ඖෂධ අපනයනය සඳහා කලාපීය රටවලට IP ප‍්‍රමිතිය පිළිගන්නා ලෙස බලපෑම් කරන අතර ඒ අනුව ඇෆ්ඝනිස්ථානය, නේපාලය, භූතානය ඇතුළු රටවල් 11 කට පසු IP ප‍්‍රමිතිය පිළිගන්නා 12 වැනි රට ලෙස ශ‍්‍රී ලංකාව සමඟ මෙම ගිවිසුමට එළඹ ඇති බව සඳහන්. වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රවීණයින්ගෙන් සැදුම්ලත් තාක්ෂණික ඇගයීම් කමිටුවක අධ්‍යනයක, නිර්දේශයක හෝ අනුමැතියකින් තොරව රජය විසින් මෙලෙස ඉන්දියාවේ IP සම්මුතිය පිළගැනීම තුළින් මෙරට ජනතාවගේ ආරක්ෂිත ඖෂධ භාවිතය සඳහා ඇති අයිතිය අනතුරේ හෙළා ඇති බවයි වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා අවධාරණය කලේ. මීට අමතරව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය මගහැර ඖෂධ වර්ග 287 ක් ඍජුව ඉන්දියාව විසින් නම් කරන අතරමැදි සමාගමකින් මිලදී ගැනීමට තවත් ගිවිසුමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ. මෙය පැවති රජය යටතේ කැබිනට් අනුමැතිය ප‍්‍රතික්ෂේප වූ තීරණයක් බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසයි. මේ තුළින් ඖෂධයේ ප‍්‍රමිතිය සහ මිල පරික්ෂා කිරීමේ බලය ද ශ‍්‍රී ලංකාවට අහිමි වන බව සඳහන්ය. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ හෝ මේ ගිවිසුම්වල පිටපතක් ලබාගත නොහැකි වීම ද ගැටලූවක් බවයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා වැඩිදුරටත් අවධාරණය කලේ.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―