Lanka You News
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු
අසාද් මවුලානා ගෙන්වා ප්‍රශ්න කරන්න - පාස්කු ප්‍රහාරය ගැන සමස්ත ශ්‍රි ලංකා ක්‍රිස්තියානි කොංග්‍රසයෙන් CID යට ලිපියක්

අසාද් මවුලානා ගෙන්වා ප්‍රශ්න කරන්න - පාස්කු ප්‍රහාරය ගැන සමස්ත ශ්‍රි ලංකා ක්‍රිස්තියානි කොංග්‍රසයෙන් CID යට ලිපියක්

සමස්ත ශ්‍රි ලංකා ක්‍රිස්තියානි කොංග්‍රසය ''2019 පාස්කු ඉරිදා සිදු වූ ISIS ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය සම්බන්ධවයි'' යන ශීර්ෂයෙන් යුතුව පසුගිය 9 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත. ඒ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ සහරාන් සමග රහසිගතව සම්බන්ධතා පැවැත් වූ 'මහ මොළකරුවන්' කවුරුන්ද යන්න දන්නා බව පවසන අසාද් මවුලානා නම් පුද්ගලයා වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ප්‍රශ්න කරන ලෙස ඉල්ලමින්. සමස්ත ශ්‍රි ලංකා ක්‍රිස්තියානි කොංග්‍රසයේ සභාපති V.P.S. Sivatharshan ගේ අත්සනින් යුතුව මේ ලිපිය යොමුකර තිබේ. පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන්ගේ නම් සහ විස්තර 2025 අප්‍රේල් 21 වන දිනට පෙර නිකුත්කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතිබව සිහිපත් කරන සමස්ත ශ්‍රි ලංකා ක්‍රිස්තියානි කොංග්‍රසය, එය සතුටට කරුණක් බවත් කියා සිටියි. එහෙත්, එකී තොරතුරු ප්‍රකාශ කිරීමට පෙර, පාස්කු ප්‍රහාරයේ සෘජු සාක්ෂිකරුවෙකු වූ අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ප්‍රශ්ණ කරන ලෙස සමස්ත ශ්‍රි ලංකා ක්‍රිස්තියානි කොංග්‍රසය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි. ''සුපිරි මුස්ලිම්'' කිහිප දෙනෙකු සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් බිය පලකරන සමස්ත ශ්‍රි ලංකා ක්‍රිස්තියානි කොංග්‍රසය, ශ්‍රී ලංකාවේ ජාතීන් තුනම සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වන බැවින් සහරාන් වැනි සන්නද්ධ හා ක්‍රියාකාරී හැකියාවන් ඇති ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ යළි බිහි නොවන පරිදි මෙම සුපිරි මුස්ලිම් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවද අවධාරණය කර සිටියි.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―