Lanka You News
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු
අද ගම්බිම් බලායන ජනතාවට විශේෂ දැනුම්දීමක්

අද ගම්බිම් බලායන ජනතාවට විශේෂ දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කෙරෙන බවය. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා අද රාත්‍රී 7.30ට විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඊට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව බලා එක් දුම්රියක් පැමිණීමට නියමිතය. මීට අමතරව කොළඹ කොටුව සිට ගාල්ල දක්වා අද රාත්‍රී 7.20ට විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඊට සමගාමීව ගාල්ලේ සිට කොළඹ කොටුවට බලා දුම්රියක් පැමිණීමට නියමිතය. ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියේ මෙම විශේෂ දුම්රිය 10 මගින් අවුරුදු සමයේ සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් ධාවනය කෙරෙන බවයි. මේ අතර ගම්බිම් බලායන ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට අද දිනයේත් කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටියේ මගී අවශ්‍යතාවය පරිදි අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―