හමාස් සංවිධානයේ ගාසා තීරයේ ප‍්‍රධානියා වූ මොහොමඞ් සින්වාර් ඝාතනය කළ බව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
අද ඊශ‍්‍රායල පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
ඔහු එම සංවිධානයේ වඩාත්ම අවශ්‍ය පුද්ගලයින්ගෙන් කෙනෙකු වන අතර හමාස් හිටපු නායක යායා සින්වාර්ගේ සහෝදරයා ද වේ.
පසුගිය 13 වනදා ඛාන් යූනිස්හි යුරෝපා රෝහල අවට ප‍්‍රදේශය වෙත දැවැන්ත ඊශ‍්‍රායල ප‍්‍රහාරයක් එල්ල කෙරුණි. හමාස් භූගත යටිතල පහසුකම් වෙත එල්ල කෙරුණු එම ප‍්‍රහාරයේ ප‍්‍රධාන ඉලක්කයක් වී ඇත්තේ හමාස් ප‍්‍රධානියා බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කෙසේ වෙතත් හමාස් නායකයාගේ මරණය හමාස් සංවිධෘනය විසින් මෙතෙක් තහවුරු කර නොමැත.
ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt