පාකිස්තාන් සුපර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දසවැනි අදියරේ ශූරතාව දිනාගැනීමට Lahore Qalandars කණ්ඩායම සමත් විය.
ඒ තියුණු තරගයකින් අනතුරුව Quetta Gladiators කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින්ය.
ලාහොර් හී ගඩාෆි ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් Quetta Gladiators පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව Quetta Gladiators කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තේය.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ හසන් නවාස් ලකුණු 76යි.
පන්දු යැවීමේදී නායක ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 3ක් බිඳ හෙළුවේය.
ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය Lahore Qalandars කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තරගය ජය ගත්තේය.
Lahore Qalandars කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කුසල් ජනිත් පෙරේරා පන්දු 31කින් නොදැවී ලකුණු 62ක් ලබා ගනිමින් අවසන් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය.
කුසල්ගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.
මීට අමතරව අවසන් මෙහොතේ කුසල් සමඟ එක්වූ සිකන්දර් රාසා ද පන්දු 7කින් ලකුණු 22ක් ලබා ගත්තේය.
ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt