Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
A/L වෘත්තීය විෂයන්වලට සිසුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්

A/L වෘත්තීය විෂයන්වලට සිසුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතුය.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt