


හෙට (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත.
හෙට බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව, මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරනු ලැබේ.
විකල්ප මාර්ග -
• කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළ
හැක.
• කොළඹට ඇතුළුවන වාහන සඳහා කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැක.









ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt

















