Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන නිවේදනයක්

ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන නිවේදනයක්

ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය පුවත් වාර්තාකරණය පිළිබඳව සහ මෙම ද්වේශ සහගත ප්‍රචාරයන් තුළින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

ජනාධිපති මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. 

 

ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ  දෙවෙනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් තිබීම නිරීක්ෂණය වී තිබේ. 

 

වත්කම් කළමනාකරණ චක්‍රලේඛ 05/2024 යටත්ව මෙහිදී කටයුතු කර ඇත.

 

මෙලෙස ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇති අතර     2025-04-23 වන දින නියමිත පටිපාටියට අනුව පුවත්පත් නිවේදන මගින්  ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි. ඒ වෙනුවෙන් මුදල් ගෙවා ටෙන්ඩර් අයදුම්පත් ලබාගත් අයදුම්කරුවන් 108 දෙනෙකු ටෙන්ඩර් පත් කැඳවීම අවසන් වූ 2025-05-15 දිනට තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර එදින පෙ.ව 11.00ට ටෙන්ඩර් පත් විවෘත කර ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම සිදු කරන ලද්දේ නියමිත පටිපාටිය අනුවය.

 

එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයතු කරන ලදී. ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, අලෙවි කරන ලද්දේ ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණි. එසේ රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවු වාහන අතරට වාහන 09ක් ඇතුළත්ය.

 

ඒ අනුව 2025-05-15 වන දින සිදු කෙරුණු ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීමේදී, අලෙවි වූ වාහන පිළිබඳ විස්තරය මෙසේය
S.No    Vehicle No    Model    Government Valuation (Rs.)    Sold Out value (Rs.)
1    CAB-3453    FORD EVEREST- Motor Car         2,500,000.00    5,390,000.00
2    KY-9967    FORD EVEREST - Motor Car    1,900,000.00    8,800,000.00
3    KA-1016    HYUNDAI TERRACAN- Motor Car    3,500,000.00    3,788,999.00
4    CAP-9828    LAND ROVER DISCOVERY 4 S- Motor Car    25,000,000.00    27,100,000.00
5    GP-4599    MITSUBISHI R MONTERO Motor Car    5,000,000.00    8,622,500.00
6    KY-5541    NISSAN TEANA- Motor Car    5,500,000.00    8,195,950.00
7    KD-6376    NISSAN XTRAIL- Motor Car    4,000,000.00    6,127,000.00
8    GD-7249    NISSAN PATROL - Motor Car    13,000,000.00    14,599,900.00
9    GD-7209    NISSAN PATROL Motor Car    11,500,000.00    12,200,000.00
10    KW-6235    PORSCHE CAYENNE S- Motor Car    13,500,000.00    13,610,000.00
11    CAC-4493    SSANG YONG REXTON W- Motor Car    8,300,000.00    9,475,000.00
12    CAC-4502    SSANG YONG REXTON W- Motor Car    8,500,000.00    9,676,000.00
13    KJ-0642    SSANG YONG REXTON270XDI - Motor car    4,000,000.00    5,010,000.00
14    KC-7323    TOYOTA LAND CRUISER SAHARA- Motor Car    6,500,000.00    12,599,900.00
15    KU-7912    TOYOTA LANDCRUISER V8 Motor Car    28,000,000.00    32,150,650.00
16    61-0520    MITSUBISHI ROSA – Motor Coach    2,200,000.00    4,167,350.00
17    KW-5401    LAND ROVER DISCOVERY - Motor Car    13,000,000.00    18,675,000.00
Total    155,900,000.00    200,188,249.00

 

රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවූ නිසා අලෙවි නොවු වාහන 09 පිළිබඳ තොරතුරු

වාහන අංකය    වාහන වර්ගය    ඉදිරිපත් වූ ඉහළම ලංසු අගය (රු)
KQ-9351    B.M.W  523 I-Motor Car    13,888,888.88
GD-7215    NISSAN PATROL - Motor Car    11,375,700.00
KJ-0645    SSANG YONG REXTON 270XDI- Motor Car    6,160,000.00
CAG-4007    SSANG YONG REXTON 270XDI -Motor Car    6,888,999.00
CAF-2536    TOYOTA LAND CRUISER V8 -  Motor Car    53,500,000.00
KQ-7546    TOYOTA LAND CRUISER V8 -    Motor Car    36,100,000.00
KP-2222    TOYOTA LAND CRUISER V8 -    Motor Car    23,266,321.00
KQ-6211    TOYOTA LAND CRUISER V8 -    Motor Car    38,888,888.88
KP-7149    TOYOTA LAND CRUISER V8 -    Motor Car    34,150,700.00

 

එසේ තිබියදී මෙම ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම පිළිබඳව විවිධ අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරිමට යම් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බව පෙනේ. 

 

පසුගිය පාලනයන් තුළ මහජන මුදලින් මිලට ගන්නා ලද මෙම සුඛෝපභෝගී වාහන මහජන මුදලින් නඩත්තු කරමින් ඒවා පාවිච්චි කරමින් සහ නාස්ති කරමින් අබලන් තත්ත්වයට පත් කළ දූෂිත කණ්ඩායම් තමන්ගේ වරප්‍රසාද අහිමි වීමත් සමග වියරු වැටී සිටින බව මෙම කලබලයෙන් පැහැදිලිය. ඔවුහු තමන්ගේ නාලිකා සහ සමාජ මාධ්‍ය කුලී ලියන්නන් යොදා ගනිමින් තමන් අතට පත්වන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දෙන තත්ත්වයට ඇද වැටී සිටිති. 

 

මෙම තත්ත්වය හමුවේ මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සාවද්‍ය සමාජ මාධ්‍ය භාවිතය අතිශය පිළිකුල් සහගත වන අතර මෙම ද්වේශ සහගත ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කරනු ලැබ ඇත. 

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt